Privacy policy

කෙටුම්පතක් — නීතිඥයෙක් ලවා පරීක්ෂා කරන්න තියෙනවා.

කාලෙට (කෙටුම්පත). Reminders සහ records සඳහා ඔයා ඇතුළත් කරන ව්‍යාපාර සහ customer විස්තර අපි ගබඩා කරනවා. Customer list වෙන ගරාජ් වලට විකුණන්නේ නෑ. ඔයාගේ ව්‍යාපාර data export කරන්න හෝ මකන්න අපිව අමතන්න. Go-live වෙන්න කලින් මේ පාඨය යාවත්කාලීන කරනවා.

කාලෙට අයිතිකරු app එක

ඔබ කාලෙට අයිතිකරු app එක (Android) භාවිත කරන්නේ නම්, අපි මේ දේවල් එකතු කරනවා: sign in වන විට ඔබේ Google ගිණුමේ නම සහ email ලිපිනය; ඔබ එකතු කරන හෝ තහවුරු කරන දුරකථන අංකය; ඔබ ඇතුළත් කරන වාහන විස්තර (අංකය, brand එක, model එක, වර්ෂය, ධාවන දුර); ඔබ ඇතුළත් කරන odometer අගයන්; කාලෙට භාවිත නොකරන කඩ සඳහා ඔබ එකතු කරන service සටහන්; සහ පසුව ඔබ දැනුම්දීම් සක්‍රිය කළහොත් push notification token එකක්. ඔබේ service ඉතිහාසය, මතක් කිරීම් සහ ධාවන දුර ඇස්තමේන්තු පෙන්වීමටත්, ඔබ කැමති වන service සම්බන්ධ දැනුම්දීම් යැවීමටත් අපි මේවා භාවිත කරනවා. කාලෙට භාවිත කරන garage වලට පෙනෙන්නේ ඔවුන් තමන්ගේ පොත්වල සටහන් කළ records හෝ ඔබ බෙදාගන්න තීරණය කරන තොරතුරු (උදාහරණයක් ලෙස booking එකක් හෝ හිමිකම් පැවරීමක්) පමණයි. ඔබේ ගිණුම සක්‍රියව පවතින තාක් අපි අයිතිකරු දත්ත තබා ගන්නවා. ඔබට app එකෙන් (සැකසුම් → Account එක delete කරන්න) ගිණුම මකා දැමිය හැකියි, නැතහොත් /delete-account හි පියවර කියවන්න. hello@kaaleta.lk වෙත email කිරීමටද පුළුවන්. ගිණුම මකා දැමූ විට ඔබේ profile එක, ඔබ එකතු කළ වාහන, ඔබ ඇතුළත් කළ service, ඔබ සටහන් කළ වියදම් සහ ඔබ ඇතුළත් කළ odometer අගයන් ඉවත් වෙනවා. Garage එකක් තම කඩේ පොත්වල සටහන් කළ records ඒ garage එක ළඟම තියෙනවා; ඒවා තවදුරටත් ඔබට පෙන්වන්නේ නැහැ. ප්‍රශ්න ඇත්නම්: hello@kaaleta.lk.

අපේ මුල්ම ගරාජ් ටික එක්ක එකතු වෙන්න

අද පටන් ගත්තොත් ඊළඟ මාසේ ඉඳන් customer ලා ආපහු එනවා.